දෙවන වර්ගයේ දියවැඩියාව

  • දෙවෙනි වර්ගයේ දියවැඩියාව පොදු තත්වයක් වන අතර, මේ හේතුවෙන් රුධිරයේ සීනි (ග්ලුකෝස්) මට්ටම ඉහල යනු ලැබේ.
  • මේ නිසා අධික පිපාසය ඇතිවීම, වැඩි වාර ගණනක් මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය සහ අධික වෙහෙස වැනි රෝග ලක්ෂණ ඇති විය හැක. තවද මෙම රෝගය නිසා ඔබගේ ඇස්රෝග, හදවත්රෝග, සහ ස්නායු රෝග වැනි බරපතල ගැටළු ඇතිවීමේ අවදානම වැඩි කරයි.
  • මෙම රෝගය දීර්ඝ කාලීනව බලපාන තත්වයක් වන අතර මෙය ඔබගේ එදිනෙදා සාමාන්‍ය ජීවිතයට බලපෑමක් විය හැක. ඔබගේ අහාර රටාව වෙනස් කල යුතු විය හැකි වන අතර, ඖෂධ ගැනීම සහ නිතිපතා පරීක්ෂා කිරීම් ඔබට අවශ්‍ය විය හැක.
  • මෙම තත්වය ශරීරයේ ඉන්සියුලින් නැමති රසායනික ද්‍රව්‍යයක් (හෝර්මෝන) හේතුවෙන් ඇතිවන ගැටළුවක් වේ. මෙය සාමාන්‍යයෙන් බර වැඩි වීම, ක්‍රියාශීලී නොවීම හෝ දෙවෙනි වර්ගයේ දියවැඩියාව සඳහා පවුල් ඉතිහාසයක් ඇති අය හා පොදුවේ සම්බන්ධ වේ.